fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙළ සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සැලසුම් පිළිබඳ සාකච්ඡාවක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2023 06:41

ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙළ සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සැලසුම් පිළිබඳ සාකච්ඡාවක්

යෝජිත විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙළ සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සැලසුම් පිළිබඳව සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ සංවර්ධන නියෝජිත ආයතන සමඟ ඊයේ සවස පැවැත්වුණා.

එම අවස්ථාවට ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය, ඇමෙරිකානු ජාත්‍යන්තර සංවර්ධන ආයතනය, ප්‍රතිව්‍යුහගත කාර්යාංශය සහ කමිටුවේ නිලධාරීන් සහභාගී වුණා.

එහිදී නව විදුලිබල පනත, ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය, නව ව්‍යාපෘති සකස් කිරීම, විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් සහ විදුලි ගාස්තු ක්‍රමවේද පිළිබඳව ඔවුන්ගේ තාක්ෂණික සහය ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡා කරනු ලැබුවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2023 06:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්