සේවා ස්ථානවල සෞඛ්‍ය සහ ආරක්ෂාව තහවුරු කරමින් මෙරට සියලුම වෘත්තිකයින්ගේ සුරක්ෂිතභාවය තහවුරු කරමින්, නූතන වැඩ ලෝකයට ගැලපෙන පරිදි ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය යාවත්කාලීන කරමින් නව ක්‍රියාකාරී සැලැස්මක් එළැඹෙන ජනවාරී මාසයේදී එළිදක්වන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් උපදෙස් දෙනු ලැබුවා.
නූතතන වැඩ ලෝකයට ගැලපෙන පරිදි සහ නූතන ලෝකයේ රැකියාවන් හී නිරත වන්නන් හට ඇති වන සෞඛ්‍යමය අභියෝග නිසි ලෙස හඳුනා ගනමින් ඊට නිසි ලෙස පිළියම් යෙදවීමට හැකිවන පරිදි මෙම ප්‍රතිපත්තිය යාවාත්කාලීන කළයුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කා මහතා සහ ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ නිලධාරීන් සහ ඊට අදාල පාර්ශවකරුවන් සමඟ ඊයේ (09) පැවති සාකච්ඡාවක් අතරතුරදී අමාත්‍යවරයා විසින් මෙම උපදෙස් ලබාදෙනු ලැබුවා.
ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය මුල්වරට 2016 වර්ෂයේ හදුන්වා දුන්නද එය වර්ථමාන වැඩ ලෝකයට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීමේ වැදගත්කම මෙම සාකච්ඡාවේදී අනාවරනය වූ අතර මෙතෙක් ඇතුළත් නොවූ ක්ෂේත්රයන් ඇතුළත් කිරීමේ වැදගත්කමද සාකච්චාවට ලක්වුණා.
මෙම නව යාවත්කාලීන කළ ප්‍රතිපත්තිය ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රතිපත්තීන්ට හා ප්රඥප්තීන්ට අනුගත වන ආකාරයෙන් සහ ජාත්‍යන්තර මට්ටමින් පිළිගන්නා ආකාරයෙන් සකස් කළයුතු බවද අමාත්‍යවරයා පැවසුවා.
ඒ අනුව ප්‍රතිපත්ති සමාලෝචන කමිටුවක්ද පත් කරනු ලැබූ අතර අමාත්‍යවරයා විසින් ඔවුන්ට ඉදිරි ඉලක්කද ලබාදුන්නා.