ඇමරිකා එක්සත් ජනපද පැසිෆික් කලාපීය විශේෂ මෙහෙයුම් අණදෙන නිලධාරි සහ ආරක්‍ෂක ලේකම් අතර හමුවක්
Related Articles
එක්සත් ජනපද පැසිෆික් කලාපීය විශේෂ මෙහෙයුම් අණදෙන නිලධාරි රියර් අද්මිරාල් ජෙරමි බී විලියම්ස් ඊයේ (නොවැ. 09) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවුණා.
ජෙනරල් ගුණරත්න විසින් රියර් අද්මිරාල් විලියම්ස් ව උණුසුම් අයුරින් පිළිගෙන ඔහු සමඟ සුහද කතාබහක නිරත වූ අතර, දෙරට අතර ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම සහ පුහුණු අවස්ථා වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් වන කරුණු කිහිපයක් පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කළා.
රියර් අද්මිරාල් විලියම්ස් නව පත්වීම භාර ගැනීමෙන් පසු ආරක්‍ෂක අමාත්‍යාංශයට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.
මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදරසහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චින්තක අබේකෝන් ද සහභාගී වුණා.