fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකාවේ රසායනික කම්හලක පිපිරීමක්

hasiniek
By hasiniek නොවැම්බර් 9, 2023 14:14

ඇමරිකාවේ රසායනික කම්හලක පිපිරීමක්

ඇමරිකාවේ රසායනික කම්හලක පිපිරීමක් හේතුවෙන් අවට නිවැසියන් ඉවත් කර තිබෙනවා.

ඇමරිකාවේ ටෙක්සාස් හි ෂෙපර්ඩ් රසායනික කම්හලේ පිපිරීම සිදු වන අවස්ථාවේ පුද්ගලයන් 20 දෙනෙකු පමණ එහි සේවය කරමින් සිටියා.

රසායනික කම්හලේ ගින්න නිසා ඒ වටා සැතපුමක දුරින් පදිංචි වැසියන්ට ඉවත් වන ලෙස බලධාරීන් දන්වා තිබෙනවා.

හූස්ටන් සිට සැතපුම් 50ක් පමණ ඊසාන දෙසිනුයි ටෙක්සාස් හි ෂෙපර්ඩ් රසායනික කම්හල පිහිට ඇත්තේ.

බලධාරීන් පැවසුවේ මෙහි ගබඩා කර ඇති ඩීසල් සහ ටර්පන්ටයින් ගින්නට පැතිර යාමට හේතු වූ බවයි.

පිපිරීමෙන් එක් පුද්ගලයෙකුට සුළු පිළිස්සුම් තුවාල සිදු වුණා.

hasiniek
By hasiniek නොවැම්බර් 9, 2023 14:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්