fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙම වසරේ පළමු මාස 10 තුළ පුද්ගලයින් 5156 දෙනෙකු ඇස් දන්දෙයි 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2023 13:09

මෙම වසරේ පළමු මාස 10 තුළ පුද්ගලයින් 5156 දෙනෙකු ඇස් දන්දෙයි 

මෙම වසරේ පළමු මාස දහය තුළ පුද්ගලයින් පන්දහස් එකසිය පනස් හයදෙනෙකු ඇස් දන් දී ඇති බව ජාතික අක්ෂිදාන සංගමය පවසනවා.

එසේ ඇස් දන්දීමට පොරොන්දු ලේඛනයේ තවත් ලක්ෂ 22 ක් සිටින බවයි එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මෙසේ දන් දී ඇති ඇස් මගින් ශ්‍රී ලාංකිකයින් නවසිය හැත්තෑ හත් දෙනෙකුට හා විදේශකයින් දෙදහස් හාරසිය හැටඅටදෙනෙකුට අක්ෂි බද්ධ කිරීම් සිදු කර ඇති බවයි අක්ෂිදාන සංගමයේ ලේකම් සම්පත් ද සිල්වා මහතා සඳහන් කළේ.

පසුගිය මාසයේ දී පමණක් අනතුරුවලින් මියගිය පුද්ගලයින්ගේ අක්ෂි හයසිය හයක් ලැබී ඇති අතර ඉන් මෙරට පුද්ගලයින් 118 දෙනෙකුට හා විදේශකයින් 326 දෙනෙකුට අක්ෂි බද්ධ කිරීම් සිදු කර තිබෙනවා.

විදෙස් ජාතිකයින්ට මෙරට පරිත්‍යාගශීලීන්ගේ අක්ෂි ලබාදීමක් වැඩි වශයෙන් සිදුවන්නේ එම රටවලින් වැඩි ඉල්ලුමක් ලැබීම නිසා බවත් අක්ෂි අවශ්‍යතාව ඇති මෙරට රෝගීන්ට ප්‍රමුඛත්වයක් ලබා දී එම කාර්යය සිදු කරන බවත් සම්පත් ද සිල්වා මහතා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2023 13:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්