කර්මාන්තකරුවන්ගේ අභිවෘද්ධිය සඳහා අවශ්‍ය සමහර ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට මේ වන විටත් මුදල් අමාත්‍යාංශය සමඟ කටයුතු කරගෙන යන බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා (07) ලෝක විද්‍යා දිනයට සමගාමීව කාර්මික තාක්ෂණ ආයතනය විසින් බත්තරමුල්ලේ දී පැවැත්වූ ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණයට එක්වෙමින්.
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කාර්මික තාක්ෂණ ආයතනය (ITI ) 6 වන වරටත් පවත්වන තම ද්වී වාර්ශික පර්යේෂණ සම්මන්ත්‍රණය නොවැම්බර් 7,8,9 යන තෙදින පුරා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා කර්මාන්ත වලට අදාළ නව නිපැයුම් හා පර්යේෂණ වල සංවර්ධනය වැඩිදියුණු කිරීම අරමුණු කරගෙන මෙවර සම්මන්ත්‍රණය සංවිධාන කර තිබෙනවා.
මෙම සම්මන්ත්‍රණයේ සමාරම්භයේ දී පසුගිය 2022 හා 2023 වර්ෂවල කර්මාන්ත ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා සිදුකල නවෝත්පාදන, පර්යේෂණ හා පර්යේෂණ පත්‍රිකා සඳහා ඇගයීම් සම්මාන පිරිනැමීම විශේෂත්වයකි.
මෙම ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ International Center for Climate and Environment Science හා Institute of Atmospheric Physics, Chinese Academy of Science යන ආයතනවල අධ්‍යක්ෂ සම්මානනීය මහාචාර්ය Zhaohui Lin විසින් උණුසුම් දේශගුණ තත්ත්ව යටතේ නියඟයේ විචලනය හා එහි අනාගත බලපෑම යන මැයෙන් ප්‍රධාන දේශනය පවත්වන ලද අතර Zoom තාක්ෂණය ඔස්සේ විශේෂ ආරාධිතයා ලෙස පර්යේෂණ සම්මන්ත්‍රණය සමඟ එක්වූ දකුණු ආසියාවේ තිරසාර සංවර්ධනය සඳහා වන විද්‍යා හා තාක්ෂණීක කොමිෂන් සභාවේ (COMSTATS) විධායක අධ්‍යක්ෂක ආචාර්ය Mohammad Nafees Zakaria විසින් ශ්‍රී ලංකාව සමඟ COMSTATS ක්‍රියාකාරකම් සහ සහයෝගීතාව පිළිබඳව විශේෂ දේශනයක් පවත්වූවා.
මෙහි දී අමාත්‍යවරයා පැවසුවේ පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ ඇතිවූ ආර්ථික පසුබෑම හමුවේ භාණ්ඩ සඳහා පනවා තිබූ ආනයන සීමාවන් හේතුවෙන් දේශීය කර්මාන්ත වල ශක්තිමත් බව වඩාත් වර්ධනය වූ බවයි.
එනිසාම අපනයන වල යම් වර්ධනයක් සිදුවූ බවත් දේශීය හා විදේශීය වෙළඳපලවල් සඳහා භාණ්ඩ නිෂ්පාදනය වඩාත් නිවැරදි දැක්මකින් යුතුව සිදුකිරීමට ශ්‍රී ලාංකික කර්මාන්තකරුවන් සමත්ව ඇති බව රමේෂ් පතිරණ අමාත්‍යවරයා පැවසුවා.
එසේම කර්මාන්තකරුවන්ගේ අභිවෘද්ධිය සඳහා සමහර ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට මේ වන විටත් මුදල් අමාත්‍යාංශය සමඟ කටයුතු කරගෙන යන බවත් විශේෂයෙන්ම ඉදිරියේ දී කර්මාන්තකරුවන්ට අමුද්‍රව්‍ය සඳහා බදුසහන ලබාදීමට හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
එසේම කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා දායකත්වය ලබාදෙන සියලු පර්යේෂකයන්ට අමාත්‍යවරයා තම ස්තූතිය ද පළ කළා.