විදේශ කටයුතු අමාත්‍යංශය විසින් විදෙස් රටවල් කිහිපයකට අලුතින් පත්කරන ලද තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් විදෙස්ගත වීමට පෙර උතුරු පළාතේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් උතුරේ සංවර්ධන ඇතුලු ව්‍යාපෘති පිළිබඳව අධ්‍යනයක නිරත වෙනවා.
මෙහිදී ඔවුන් පළමුව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය හමුවී සාකච්ඡාවක නිරත වුණා.
එහිදී උතුරු පළාතේ උතුරේ වර්ථමාන තත්වය ජනතාවගේ දෛනික කටයුතු සහ සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳව ආණ්ඩුකාරතුමිය විසින් අලුතින් පත්වූ තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් දැනුවත් කළා.
එමෙන්ම උතුරු පළාතේ නැවත පදිංචි වීම් සහ බිම්බෝම්බ ඉවත්කිරීමේ කටයුතු ආදිය පිළිබඳවද දැනුවත් කළා.
තවද මෙහිදී යාපනය ,වව්නියාව, මන්නාරම, මුලතිව් සහ කිලිනොච්චිය යන උතුරු පළාතේ දිස්ත්‍රික්කවල ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳවද අවධානයට ලක්වුණා.