fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රොබෝ යන්ත්‍රයක පහර දීමකින් ජීවිතක්ෂයට පත්වූ සේවකයා

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2023 08:59

රොබෝ යන්ත්‍රයක පහර දීමකින් ජීවිතක්ෂයට පත්වූ සේවකයා

දකුණු කොරියාවේ සමාගම් සේවකයකු රොබෝ යන්ත්‍රයක පහර දීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

රොබෝවරයා විසින් ආහාර අසුරා තිබූ පෙට්ටි කිහිපයක් නිවැරැදිව හඳුනා ගැනීමට අපොහොසත් වීම නිසායි රොබෝ යන්ත්‍රය මෙම පුද්ගලයාට පහරදී තිබෙන්නේ.

ෙමොහු 40 හැවිරිදි වියේ පසු වූ අයෙකි.

දකුණු කොරියානු ප්‍රවෘත්ති ඒජන්සිය වන යොන්හැප් වාර්තා කර ඇත්තේ, රොබෝ යන්ත්‍රය විසින් පුද්ගලයා ව අල්ලාගෙන ඔහු ගේ මුහුණ සහ පපුව කුඩු කර දමා ඇති බවයි.

තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කර ඇතත් පසු ව ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

රොබෝ යන්ත්‍රයට නියමිත රාජකාරිය වී ඇත්තේ, ගම්මිරිස් පෙට්ටි ඔසවා ඒවා පැලට් මතට මාරු කිරීමයි.

නොවැම්බර් 08 වැනිදා දකුණු ග්යොංසාං පළාතේ ගම්මිරිස් වර්ග කිරීමේ කම්හලකට යෙදවීම සඳහා රොබෝවරයා පරීක්ෂා කිරීම මිය ගිය සේවකයා විසින් සිදු කරනු ලැබ තිබේ.

පොලීසිය වාර්තා කරන්නේ, පරීක්ෂණ ධාවනයට පෙර සේවකයා, රොබෝවරයා ගේ සංවේදක මෙහෙයුම් පරීක්ෂා කරමින් සිටි බවයි.

මේ ආකාරයට මාර්තු මාසයේ ද මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදන කම්හලක සේවය කරමින් සිටිය දී 50 හැවිරිදි දකුණු කොරියානු ජාතිකයකු රොබෝවරයෙකුට හසු වීමෙන් බරපතළ තුවාල ලැබුවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2023 08:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්