fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පේරාදෙණිය විශ්ව විද්‍යාලීය දන්ත වෛද්‍ය පීඨ සංකීර්ණය ඉදිකොට වසර 25යි – සැමරුම් උත්සවය අද

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2023 05:03

පේරාදෙණිය විශ්ව විද්‍යාලීය දන්ත වෛද්‍ය පීඨ සංකීර්ණය ඉදිකොට වසර 25යි  – සැමරුම් උත්සවය අද

පේරාදෙණිය විශ්ව විද්‍යාලීය දන්ත රෝහල (ශික්ෂණ) සහ දන්ත වෛද්‍ය පීඨ සංකීර්ණය ඉදිකොට වසර විසිපහක් සම්පූර්ණවීම නිමිත්තෙන් සැමරුම් උත්සවය අද පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයේදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිඩේකී (H.E. MIZUKOSHI Hideaki) මහතා සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී.ළමාවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 02.00ට සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතයි.

ජපාන සහයෝගීතා ජාත්‍යන්තර එජන්සියේ (Japan International Cooperation Agency)  මුල්‍ය ප්‍රදානයක් වශයෙන් දන්ත වෛද්‍ය රෝහල හා පීඨ සංකීර්ණය වර්ෂ 1998දී  ඉදි කොට තිබෙනවා.

ඒ නිමිත්තෙන් මෙම සැමරුම් උත්සවය පැවැත්වෙන අතර දැනට දිවයිනේ වැඩිම දන්ත වෛද්‍ය උපාධිධාරීන් පිරිසක් බිහිකරන මෙරට පළමු දන්ත වෛද්‍ය පීඨය වන්නේ ද මෙම පීඨය බව එහි පීඨාධිපති මහාචාර්ය මංජුල ආටිගල මහතා පවසනවා.

කොළඹ වෛද්‍ය පීඨයට අනුබද්ධව වර්ෂ 1943දී සිසුන් 04 දෙනෙකුගෙන් ආරම්භ කොට ඇති දන්ත වෛද්‍ය පීඨය තව දුරටත් පුළුල් කිරීමේදී වර්ෂ 1961දී පේරාදෙණීය කැම්පස් ( මණ්ඩපය) කරා ගෙන විත් ඇති අතර ආරම්භයේදී එය කිංස්වුඩ් විදුහල සතුවූ දංගොල්ල ඔගස්ටා හිල්හි තිබුණු පැරණි නේවාසිකාගාර ගොඩනැගිල්ලක ස්ථාපිත කොට තිබෙන අතර,

පසුව පේරාදෙණිය වෛද්‍ය පීඨයට අනුබද්ධව දන්ත වෛද්‍ය දෙපාර්තමේන්තුව වශයෙන් පැවැති එය පසුව 1987 දී වෙනම පීඨයක් බවට දන්ත වෛද්‍ය පීඨය පත්ව තිබෙනවා.

දන්ත වෛද්‍ය පීඨය පුළුල් කිරීම සඳහා වර්ෂ 1998දී ජපන් අධාර මත නව ගොඩනැගිල් සංකීර්ණය ඉදි කොට ඇති අතර දන්ත වෛද්‍ය පීඨය මේ දක්වා බිහිකර ඇති දන්ත වෛද්‍යවරුන් ප්‍රමාණය 3200කි.

දන්ත වෛද්‍ය පීඨයේ මේ වන විට උපාධි අපේක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 600කට ආසන්න පිරිසක් සේවය කරන අතර දන්ත වෛද්‍යවරුන් ලෙස වාර්ෂිකව බිහිවන ප්‍රමාණය 100කි.

විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලුව දන්ත වෛද්‍යවරුන් 2200ක් සමස්ථ සෞඛ්‍ය සේවා පද්ධතියේ සේවය කරන අතර ඔවුන් සියලු දෙනාම පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් බිහිවූවන් වනවා.

විශ්ව විද්‍යාලයෙන් පිටත් වන දන්ත වෛද්‍යවරුන් වැඩි පිරිසක් මෙරට සෞඛ්‍ය පද්ධතියේ සේවය කරනු ලබයි.

ආරක්ෂක අංශ සතු රෝහල්වල තවත් පිරිසක් සේවය කරන අතර ඉතා සුළු පිරිසක් විදෙස්ගතව සේවය කරන බව ද පීඨාධිපති මහාචාර්ය මංජුල ආටිගල මහතා තව දුරටත් ප්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2023 05:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්