කොළඹ වරායේ යටිතල පහසුකම් සංවර්ධනයට එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව ඇමෙරිකා ඩොලර් මිලියන 500කට අධික මුදලක් ලබාදීමට තීරණ කර තිබෙනවා.
කොළඹ වරාය තුළ පිහිටි ගැඹුරු ජල බටහිර බහලුම් පර්යන්තය සංවර්ධන කිරීම සඳහා මෙම ඩොලර් මිලියන 553ක මූල්‍යාධාර ලබාදෙන බවයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය පවසන්නේ.
උසස් තත්ත්වයේ යටිතල පහසුකම් සඳහා මූල්‍යාධාර ලබාදීමට එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවේ කැපවීම මෙමගින් පිළිබිඹු වන බව ද ඇමෙරිකා තනාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට හා කලාපීය ආර්ථික ඒකාබද්ධතාවයට එක්සත් ජනපදයේ තිරසර කැපවීම මින් පිළිබිඹු වන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
මෙම මුල්‍යාධාර පිරිනැමිමේ උත්සවයට එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල් සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නේතන්, අමාත්‍ය අලී සබ්රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක,ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනි ජූලි චන්ග් යන මහත්ම මහත්මින් එක්ව සිටියා.