fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශ්‍රාමිකයින්ට අගමැතිගෙන් සුබ පණිවුඩයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2023 16:13

විශ්‍රාමිකයින්ට අගමැතිගෙන් සුබ පණිවුඩයක්

විශ්‍රාම වැටුප් සංශෝධනය සඳහා ප්‍රතිපාදන වෙන්කර ගැනීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

එම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවත්, අග්‍රාමාත්‍ය හා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා.

2015.12.31 ට පෙර සහ 2016.01.01 සිට 2020.01.01 දක්වා විශ්‍රාම ගොස් ඇති සියලු ම විශ්‍රාමිකයන් වෙත, විශ්‍රාම වැටුප් සංශෝධනය සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 67,608ක් අවශ්‍ය වන බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016 හි විධිවිධාන අනුව විශ්‍රාම වැටුප් සංශෝධනය කිරීම සඳහා අවස්ථා දෙකක දී (02) රජය විසින් උත්සාහ දරනු ලැබුවත් පැවති මූල්‍ය හා ආර්ථික දුෂ්කරතා හමුවේ ඒ සඳහා ප්‍රමාණවත් මුල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට නොහැකි වීමත්, රජයේ ප්‍රමුඛතා වෙනස් වීමත්, විශ්‍රාමිකයින් සියලු දෙනාටම ප්‍රමාණවත් සහනයක් ලබාදිය යුතු බවට වූ රාජ්‍ය ප්‍රතිපත්තියත් හේතුවෙන් යම් ප්‍රමාදයක් සිදු වී ඇති නමුත් මඟ හැරීමක් සිදු වී නොමැත” යනුවෙන්ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2023 16:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්