fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය තවත් කූඨ ලේඛන 2ක් හදලා

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2023 15:30

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය තවත් කූඨ ලේඛන 2ක් හදලා

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය තවත් නඩු දෙකක් සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනම ඉවත් කළ බවට කූඨ ලේඛන සකස් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට අදාළව සැකකරුවෙකුට පැනවු විදෙස් ගමන් තහනම ඉවත් කළ බවට කූඨ ලේඛන සකසා ආගමන විගමන පාලකවරයාට යැවීමේ චෝදනාවට එම අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

ඇය එම නඩුවට අමතරව තවත් නඩු දෙකකට ද කූඨ ලේඛන සකසා ඇති බව කී පොලීසිය ඊට තවත් අයෙකුගේ උදව් ලැබී ඇති බව ද සඳහන් කළා.

අධිකරණ නිවාඩු දිනවල මෙම කූඨ ලේඛන ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත ෆැක්ස් මගින් යවා ඇති බවයි හෙළිව තිබෙන්නේ.

මහේස්ත්‍රාත්වරයා අධිකරණයේ නොසිටින බැවින් නීතිඥ සහයක් ගෙන ලිපි සකස් කළ යුතු බව පවසා ඇය මුදල් ඉල්ලා ඇති බව ද පොලීසිය පැවසුවා.

මීට උදව් කර ඇති අනෙක් පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරුණා.

සැකකාරිය සහ සැකකරුගේ ජංගම දුරකතනවල ඡායාරූප සහ කෙටි පණිවුඩ මකාදමා ඇති බැවින් ඒවා යළි ලබා ගැනීමට කළ ඉල්ලීමට අධිකරණයෙන් අවසරය හිමිවුණා.

අදා‍ළ සැකකාරිය වන රංජනි සිරියලතා යන අය සහ නඩුගොනු අස්ථානගත කළ බව කියන අනුර කීර්ති කුමාර යන දෙදෙනා ලබන 22 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2023 15:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්