fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉදිරි වසර 3 තුළ රාජ්‍ය සේවයට කිසිදු නිලධාරියෙකු බඳවා ගැනීමේ හැකියාවක් නැහැ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2023 14:58

ඉදිරි වසර 3 තුළ රාජ්‍ය සේවයට කිසිදු නිලධාරියෙකු බඳවා ගැනීමේ හැකියාවක් නැහැ

පසුගිය කාලය පුරා ආර්ථිකයේ ඇති වු දැවැන්ත පසුබෑම හමුවේ ඉදිරි වසර තුන තුළ රාජ්‍ය සේවාව සඳහා කිසිඳු නිලධාරියෙකු බඳවා ගැනීමේ හැකියාවක් නොමැති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

උතුරු පළාත සදහා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගත් ලංගම රියදුරන් 25 දෙනෙකුට සහ කොන්දොස්තරවරුන් 3න් දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කරමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ දී මෙය සිදුකෙරුණා.

යාපනය, කිලිනොච්චි, වන්නි ඇතුලු ප්‍රදේශවල රියදුරු සහ කොන්දොස්තරවරුන්ගේ හිගය හේතුවෙන් ඇණහිට තිබෙන ලංගම බස් රථ සේවා යළි ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණයි.

අමාත්‍ය ඩග්ලස් දේවානන්ද,  පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් තීලිපන්,  ලංගම සභාපති ලලිත් ද අල්විස් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2023 14:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්