කාන්තාවන් වෙනුවෙන් වසර 20කට වැඩි කාලයක් සමාජ සේවාවල නිරත වු ආචාර්ය සුලෝචනා සිගේරා මහත්මියට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් විශේෂ සම්මානයක් පිරිනැමුනා.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මහජන මන්ත්‍රී මණ්ඩල පරිශ්‍රයේ දී ආචාර්ය සුලෝචනා සිගේරා මහත්මියට මෙම සම්මානය පිරිනැමුනා.
එම කාලය බ්‍රිතාන්‍ය පොපි දිනය සැමරුම පැවැත්වීමත් හේතුවෙන් එම මහත්මියට පොපි මලක් පැළදවීම ද මෙහිදි සිදුකෙරුණා.
මෙම සම්මානය සිගේරා මහත්මිය වෙත ලබාදීමේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අමාත්‍ය ඉම්රාන් හුසෙන් මහතා අතිනුයි.
පාර්ලිමේන්තුව තුළ ඇය වෙනුවෙන් රාත්‍රී ආහාර භෝජන සංග්‍රහයක් ද පිරිනමා තිබෙනවා.
සම්මානය ලබාගත් සුලෝචනා සිගේරා මහත්මිය ඊයේ යළි දිවයිනට පැමිණියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/OrhsxM4LkvQ”]