fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මධ්‍යම රාත්‍රී ගැසට් පත්‍ර නිසා සුපිරි ලාභ ලබන සමාගම්වලින් බදු අය කරන්නැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන් නියෝගයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2023 12:28

මධ්‍යම රාත්‍රී ගැසට් පත්‍ර නිසා සුපිරි ලාභ ලබන සමාගම්වලින් බදු අය කරන්නැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන් නියෝගයක්

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරමින්, නැතිවූ ආදායමට සරිලන ගෙවීමක් ලෙස ‘සුපිරි ලාභ’  ලාභ ලබා ගැනීම සඳහා ‘මධ්‍යම රාත්‍රියේ ගැසට්’ අවභාවිතා  කරන සමාගම් මත ආදායම් බදු පැනවීමක් කරන ලෙසට පැවසුවා.

මේ අනුව, මෙම බදු අයකර ගැනීමට යාන්ත්‍රණයක් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම හෝ එසේ කිරීමට නොහැකි නම් ඊට සවිස්තරාත්මක හේතු සාධක දැක්වීම, අනාගතයේදී එවැනි සිදුවීම් වැළැක්වීම සඳහා ප්‍රතිකර්ම යෝජනා කිරීම ද කමිටුව විසින් නිලධාරීන්ට පවරනු ලැබුවා.

පවත්නා තත්ත්වය බරපතළ බව පැහැදිලි වූයේ පසුගිය මාස තුනේ සීනි ආනයනයට අදාළ අත්‍යවශ්‍ය දත්ත රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් රේගු දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනීමත් සමඟයි.

කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් මෙම බදු වැඩිකිරීමේ සැක සහිත කාලය සහ බදු වැඩි කිරීමට මොහොතකට පෙර ඇතැම් සමාගම් විසින් සීනි ආනයනය ඉහළ යාම පිළිබඳව ප්‍රශ්න කළා.

ඊට ප්‍රතිචාර වශයෙන් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ප්‍රකාශ කළේ බදු වැඩි කිරීම IMF මුලපිරීමකට සම්බන්ධ මූල්‍ය පදනම් කරගත් ආදායම් ඒකාබද්ධ කිරීමේ වැඩසටහනේ කොටසක් බවයි.

තවද, සීනි ආනයනය හදිසියේ වැඩිවීම උත්සව කාල වකවානු හේතුවෙන් සිදුවන  බව ඔවුහු අවධාරණය කළා.

මෙම ප්‍රකාශයන් තහවුරු කිරීම සඳහා  පෙර වසරවල විස්තීර්ණ සංසන්දනාත්මක විශ්ලේෂණයක් ලබා දෙන ලෙස  කමිටුව පැමිණ සිටි නිලධාරින් හට අවධාරණය කළා.

එවැනි දැවැන්ත ආනයනවල අවශ්‍යතාවය සනාථ කරන නිශ්චිත සාක්ෂි නොමැතිව අසාමාන්‍ය ලෙස විශාල සීනි ප්‍රමාණයක් ආනයනය කරන විශේෂිත සමාගම් පිළිබඳව කමිටුව අනතුරු අඟවනු ලැබුවා.

සාමාන්‍යයෙන් මාසිකව සීනි මෙට්‍රික් ටොන් 2,000ක් ආනයනය කරන සමාගමක් බදු වැඩි කිරීමට මොහොතකට පෙර ඔක්තෝම්බර් මාසයේදී මෙට්‍රික් ටොන් 10,000ක් ආනයනය කළේ, බද්ද ශත 25 සිට රුපියල් 50 දක්වා 200 ගුණයකින් ඉහළ යාමත් සමඟ සැලකිය යුතු ලාභයක් ලබා ගනිමිනි.

සභාපති (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දට අදාළ ‘මධ්‍යම රාත්‍රී ගැසට්’ භාවිතය අවසන් කිරීමේ වැදගත්කම අවධාරණය කළා.

මෙලෙස කටයුතු කිරීමට හැකිවීම තුළ බදු අනුපාත වෙනස් කිරීමට හෝ විශේෂිත සමාගම් සඳහා  බදු නිදහස් කිරීම් ලබා දීමට මුදල් අමාත්‍යවරයාට පරීක්ෂා නොහැකි බලයක් ලබා දෙනවා බවද පෙන්වා දුන්නා.

මෙම  දුෂණය තත්ත්වයන් තව තවත්  වර්ධනයවීම හේතුවෙන් මෙම  ‘මධ්‍යම රාත්‍රී ගැසට්’ ඉවත් කරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිමින් IMF විසින් ඔවුන්ගේ  විමර්ශන  වාර්තා වලද  කරුණු දක්වා ඇති බව කමිටුව පැවසුවා.

රාජ්‍ය  අමාත්‍ය (ආචාර්ය) සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්තිරන්, පාඨලී චම්පික රණවක, නිමල් ලන්සා, ඉසුරු දොඩංගොඩ යන මහත්වරු මෙම කාරක සභා රැස්වීමට සහභාගි වුණා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2023 12:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්