fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකාවේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය කෝපරේෂන්හි ප්‍රධාන විධායක නිලධාරී දිවයිනට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2023 12:17

ඇමෙරිකාවේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය කෝපරේෂන්හි ප්‍රධාන විධායක නිලධාරී දිවයිනට

ඇමෙරිකාවේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය කෝපරේෂන්හි ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නේතන් මහතා දිවයිනට පැමිණියා.

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ස්කොට් නේතන් මහතා යූඑස් එයිඩ් ආයතනය සමඟ මෙරට ණය වැඩසටහන සඳහා ගිවිසුම් අත්සන් කිරීමේ කාර්යයට එක්වීමට නියමිතයි.

එමෙන්ම මෙරට ඉහළ පෙලේ නිලධාරීන් හා වානිජ හා සංවර්ධනක බැංකු ප්‍රධානීන් හමුවීමට ද නියමිත බවයි ඇමෙරිකා තානාපති කාලය නිවේදනය කළේ.

මේ අතර කොළඹ වරායේ ගැඹුරු ජල නැව් බහාලුම් පර්යන්තයක් සංවර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියන 500කට වඩා වැඩි මුදලක් ලබාදී ඇති බව එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව නිවේදනය කළා.

මෙම ආයෝජනය තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහ ඉන්දියාව ඇතුළු කලාපීය ආර්ථික ඒකාබද්ධතාව වර්ධනයට කැපවීමක් බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අනුව කොළඹ වරාය තුළ පිහිටා ඇති ගැඹුරු ජල බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියන 553ක මූල්‍යකරණ ප්‍රකාශ කිරීමේ උත්සවය පැවැත්වුණා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2023 12:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්