බඩල්කුඹුර, කිරමනාගොඩ ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.
මියගොස් ඇත්තේ, කරවිල, බඩල්කුඹුර ප්රදේශයේ පදිංචි 27 හැවිරිදි ත්රිරෝද රථ රියදුරෙක්..
ආරවුලක් හේතුවෙන් මෙම ඝතනය සිදු කර ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
තුවාලකරු බඩල්කුඹුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවද සඳහන්.
21 හැවිරිදි සැකකරු ප්රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා බඩල්කුඹුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.