fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තැපැල් සේවකයින් සංකේත වැඩවර්ජනයක

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2023 08:45

තැපැල් සේවකයින් සංකේත වැඩවර්ජනයක

වහාම ක්‍රියාත්මක වන පරිදි තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති පසුබිමක වුව ද තැපැල් සේවකයින් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව ඒකාබද්ධ තැපැල් පෙරමුණ පවසනවා.

නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විකිණීමට රජය ගෙන ඇති සැලසුම් අහෝසි කරන ලෙස ඉල්ලමිනුයි සේවකයින් මෙම වැඩවර්ජනයට එක්ව සිටින්නේ.

කෙසේ වෙතත් අද හෙට සහ අනිද්දා දිනයන් තුළ සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන තැපැල්පති එස් ආර් ඩබ්ලියු එම් ආර් පී සත්කුමාර මහතා පවසන්නේ තැපැල් දෙපාර්තමේන්තුව සතු කිසිදු තැපැල් කාර්යාලයක් වසා දැමීමට කටයුතු නොකරන බවත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල රජයේ ප්‍රතිපත්තියට අනුව ඵලදායී ආයෝජනයක් සඳහා නාගරික සංවර්ධන අධිකාරියට ලබාදෙන බවයි.

ඒ වෙනුවට නුවරඑළිය තැපැල් කාර්යාලය පවත්වාගෙන යාමට සුදුසු ගොඩනැගිල්ලක් ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය එකඟවී ඇති බව ද තැපැල්පතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2023 08:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්