සහාය දක්වන රටවල් අතරින් ශ්‍රී ලංකාවට ප්‍රමුඛස්ථානයක් ලබාදෙන බව කොරියා අගමති කියයි
Related Articles
කොරියා අන්තර්ජාතික නියෝජිත ආයතනය සහාය දක්වන රටවල් අතර ශ්‍රී ලංකාවට ප්‍රමුඛස්ථානයක් ලබාදෙන බව කොරියා අග්‍රාමාත්‍ය හන් ඩුක් සූ මහතා පවසනවා.
කොරියාවේ නිල සංචාරයක නිරත කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමඟ පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
කොරියාවේ සෝල් අගනුවර පැවති සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය සහ ආර්ථික සංවර්ධන පිළිබද අවධානය යොමු කෙරුණා.
ඒ සඳහා කොරියාවේ සහාය ලබාදෙන බවට මීට පෙර ප්‍රකාශ කර ඇති බව සිහිපත් කළ කතානායකවරයා ඒ පිළිබද සිය කෘතවේදීත්වය පළ කළා.
කොරියාවේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට අවශ්‍ය තාක්ෂණික පුහුණුව මෙරටදී ලබාදීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණා.
දැනටමත් විශාල පිරිසක් කොරියාවේ රැකියාවල නිරත වන අතර ඉදිරියේ දී මෙරටට ලබාදෙන රැකියා කෝටාව වැඩිකිරීමට අපේක්ෂා කරන බව කොරියා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.