ඊශ්‍රායලය / පලස්තීන සාමාන්‍ය වැසියන් ඝාතනය කිරීම නවතාලීම සඳහා හැකි උපරිමයෙන් කටයුතු ලෙස ඉරාන ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
ඉරාන ජනාධිපතිවරයා හා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර පැවති දුරකතන සංවාදයක් අතරතුරදියි මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ.
නොබැදි ප්‍රතිපත්තිය අනුගමනය කරන ඉන්දියාව වැනි ප්‍රබල රටක් මෙවැනි ගැටුම් වළක්වාලීම සදහා තම උපරිම දායකත්වය ලබාදිය යුතු බව ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට මෙහිදි සදහන් කර තිබෙනවා.
එමෙන්ම ගාසා ගැටුම් නවත්වාලීම සදහා ක්‍රියාත්මක වන ඕනෑම ගෝලීය උත්සහයකට තම සහයෝගය ලබාදෙන බවයි ඉරාන ජනාධිපතිවරයා මෙහිදි පවසා ඇත්තේ.