අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නම භාවිතය කරමින් අනවසර ගොඩකිරීමක් සිදුකළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තලවතුගොඩ, කලල්ගොඩ ප්දේශයේ අනවසර ඉඩම් ගොඩකිරීමක් සිදුවන බවට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරිමේ සංස්ථාවේ සභාපතිවරයා වෙත ලැබුණ තොරතුරකට අනුව හදිසි වැටලීමක් සිදුකර තිබෙනවා.
එහිදියි අදාළ ඉඩම ගොඩකිරීමේ කාර්යේ නිරතව සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ .
වැඩිදුර විමර්ෂණ සදහා ඔවුන් තලංගම පොලිසිය වෙත භාරදී තිබෙනවා.
අනවසර ගොඩකිරීමක් හෝ ඉදිකිරීමක් සිදුවන්නේ නම් පැය 24 පුරා ක්‍රියාත්මක තම ඒකකයට දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරිමේ සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
0112885357 / 0112868002 අංකවලට ඒ පිළිබද තොරතුරු ලබාදිය හැකියි.