fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වගා හානි සිදුවු ගොවීන්ට මහ කන්නයේ වගා කටයුතු සඳහා ඩීසල් නොමිලේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2023 09:46

වගා හානි සිදුවු ගොවීන්ට මහ කන්නයේ වගා කටයුතු සඳහා ඩීසල් නොමිලේ

වගා හානි සිදුවු ගොවීන්ට මහ කන්නයේ වගා කටයුතු සඳහා ඩීසල් නොමිලේ ලබාදීමට තීරණය කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය මේ බව නිවේදනය කළා.

පසුගිය යළ කන්නයේ නියගය හේතුවෙන් වගා හානි වු අක්කර 65000කට මහකන්නයේ වගා කටයුතු සදහා සහනයක් ලෙස රුපියල් 17000ක ඩීසල් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

රජය මගින් පොහොර මිලදී ගැනීමට ගොවියෙකුට ලබාදෙන රුපියල් 15000ක සහන මුදල හා වන්දි වශයෙන් හෙක්ටාර් එකකට ලබාදෙන රුපියල් ලක්ෂයේ මුදලට අමතරවයි ඩීසල් සදහා මෙම මුදල ලබා දෙන්නේ. අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රදානත්වයෙන් පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගනු ලැබුවා.

ගොවි ජනතාවට නොමිලේ ඩීසල් ලිටර් මිලියන 6යි දශම 5ක් ලබාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කළා.

එහෙත් ගොවීන් වැඩිපිරිසක් තමන්ට හිමි ඩීසල් තොග ලබා නොගැනීම හේතුවෙන් ඩීසල් ලිටර මිලයන දෙකක් ඉතිරිව තිබෙනවා. එම ඩීසල් තොගය මෙසේ වගා හානි වු ගොවීන්ට බෙදා දීමටයි තීරණය කර ඇත්තේ.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2023 09:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්