fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හරිත සංවර්ධනය වෙනුවෙන් චීනයෙන් නව සැලැස්මක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2023 09:25

හරිත සංවර්ධනය වෙනුවෙන් චීනයෙන් නව සැලැස්මක්

හරිත සංවර්ධනය සහ කාබන් විමෝචනය අවම කිරීමට පවතින බාධාවන් ඉවත් කීරීම සහ විවිධ ප්‍රදේශවල කාබන් සංයුතිය ඉහළ යාම ගවේෂණය කිරීම වෙනුවෙන් චීනයේ නගර සහ කලාප 100 ක කාබන් ඉහළ යාමේ නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

ඊට අදාළ ව්‍යාපෘති සැලැස්ම ඊයේ (06) නිකුත් කර ඇත.

ඒ අනුව 2025 වන විට මෙම නියමු කලාපවල හරිත සංවර්ධනය සහ කාබන් විමෝචනය අවම කිරීමට හිතකර ප්‍රතිපත්ති යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.

එමෙන්ම ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව (NDRC) සඳහන් කරන්නේ වඩා සාධනීය, අනුවර්තනය කළ හැකි සහ ආදේශ කළ හැකි නව්‍ය භාවිතයන් සහ ප්‍රතිසංස්කරණ පියවරයන්ගෙන් යුතුව මෙම සැලැස්ම සකස් කර ඇති බවයි.

එමෙන්ම 2030 වන විට මෙම ආදර්ශ නගර සහ කලාපවල මූලික කාර්යයන්, ව්‍යාපෘති සහ ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කළ යුතු අතර සැලැස්මට අනුව මෙම ප්‍රතිපත්ති යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම ස්ථාපිත කළ යුතු වේ.

එය ජාතික මට්ටමින් කාබන් සංයුතිය පාලනය සඳහා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනු ඇත.

දේශීය ආර්ථික හා සමාජ සංවර්ධන තත්ත්වය මෙන්ම කාබන් විමෝචන පරිමාව සහ වර්ධන ප්‍රවණතා  සැලකිල්ලට ගනිමින් මුලික වශයෙන් මෙහිදී පළාත් 15ක් ආවරණය කෙරෙන බව ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර ඇත.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2023 09:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්