fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞඛ්‍ය ඇමති හා ෆින්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති අතර හමුවක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2023 05:36

සෞඛ්‍ය ඇමති හා ෆින්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති අතර හමුවක්

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ෆින්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති Kimmo Lahdevirta මහතා අතර විශේෂ හමුවක් ඊයේ (06) දින සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්වුණා.

ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය තුළ සේවා සැපයීම සදහා ක්‍රියාත්මක කිරීමට නියමිත National Digital Health Blueprint Architecture (ජාතික ඩිජිටල් සෞඛ්‍ය පිඹුරුපත) පිළිබදව අමාත්‍යතුමා විසින් තානාපතිවරයා මෙහිදී දැනුවත් කරන ලදී.

එමෙන්ම නිදහසින් පසු බරපතලම අභියෝග රැසකට ශ්‍රී ලංකාව මෑතකාලීනව මුහුණ දුන් බවත්, එහිදී ප්‍රධාන අභියෝගයන් වලට මුහුණ දීමට සිදුවුයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට බවත්, එම අභියෝග ජය ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය හා ශ්‍රී ලංකා රජය දැඩි කැපවීමෙන් කටයුතු කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙරට සෞඛ්‍ය පද්ධතිය හා සැලකිය යුතු ක්ෂේත්‍ර කිහිපයක ඩිජිටල්කරණය හා සම්බන්ධ සංවර්ධනය වෙනුවෙන් ද, දෙරට අතර සහයෝගීතාවය ශක්තිමත් කිරීමට අවශ්‍ය සහය ලබා දීම‌ට ද ෆින්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති Kimmo Lahdevirta මහතා මෙහිදී එකඟතාවය පල කලේය.

මෙම හමුව සදහා සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) විශේෂඥ වෛද්‍ය එස්.ශ්‍රීධරන්, සෞඛ්‍ය තොරතුරුවේදය පිළිබද විශේෂඥ වෛද්‍ය ගුමිදු කුලතුංග යන මහත්වරුන් ද සහභාගී වුහ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2023 05:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්