අවුරුදු දෙකක දරුවා තැබූ වාර්තාව
Related Articles
වයස අවුරුදු දෙකයි මාස 11ක් වු දරුවෙකු තප්පර 30ක කාලයක් තුළ මීටර 100ක දුරක් දිවගොස් චෝලන් වාර්තාවක් පිහිටුවීමට සමත්වුණා.
බලංගොඩ ප්‍රදේශයේ පදිංචි ආරොන් සත්වික් නැමැති මෙම දරුවා චෝලන් වාර්තා පිහිටුවුයේ බලංගොඩ නගර සභා ක්‍රීඩාංගනයේදියි. ඉන්දියාවේ සිට ක්‍රියාත්මක කරන චෝලන් වාර්තා පොතට දරුවන්ගේ දක්ෂතා හදුනාගෙන ඒ පිළිබද අධීක්ෂණය කර වාර්තා පොතට ඇතුලත් කිරීම චෝලන් වාර්තා අධීක්ෂණ කමිටුව මගින් සිදුකරනු ලබනවා.
එම සමාගමේ ශ්‍රී ලංකා ශාඛාවේ උපසභාපති ශ්‍රී නාගවානි රාජා මහතා ඇතුලු පිරිස් මෙම අවස්ථාවට එක්ව සිටියා. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මේ වන විට ළමයින් 14 දෙනෙකු චෝලන් වාර්තා පිහිටුවීමට සමත්ව තිබෙනවා.