ඩොමින්ගෝස් සුළි කුණාටුව හේතුවෙන් බටහිර යුරෝපයට ගංවතුර අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.
මේ වන විට අයහපත් කාලගුණය හේතුවෙන් යුරෝපයේ 14 දෙනෙකුට ජිවිත අහිමි වී තිබෙනවා. තවත් 100කට අධික පිරිසක් තුවාල ලැබුවා.
පැයට කිලෝ මීටර 150 වේගයෙන් හමා යන තද සුළං හේතුවෙන් නිවාස රැසකට ද හානි සිදුව තිබෙනවා.
කියරන් සුළි කුණාටුවෙන් ද මෙම ප්රදේශයට බලපෑම් එල්ල වුණා.
නිවාස එක්ලක්ෂ දහහතර දහසකට විදුලිය ඇණ හිට ඇති අතර බොහෝ ප්රදේශ තවමත් ජලයෙන් යටව පවතිනවා.
බෙල්ජියම / නෙදර්ලන්තය / ජර්මනිය / ඉතාලිය / බල්ගේරියාව හා පෘතුගාලය ඇතුලු රටවල පාසල් බොහෝමයක් ද වසා දැමුණා.