fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශීය ආදායම වැඩිකර ගැනීම ගැන කෝපා කමිටුව කියූ දේ

hasiniek
By hasiniek නොවැම්බර් 6, 2023 15:04

දේශීය ආදායම වැඩිකර ගැනීම ගැන කෝපා කමිටුව කියූ දේ

දේශීය ආදායම වැඩිකර ගැනීම සඳහා රටේ වැදගත් ආයතන තාක්ෂණික වශයෙන් පද්ධතිගතවීම වැදගත් බව කෝපා කමිටුව පෙන්වා දුන්නා.

රජයේ ආදායම් වැඩි කිරීම සදහා තොරතුරු තාක්ෂණය උපයෝගී කර ගැනීමට අදාළව රජයේ ගිණුම් කාරක සභාව විසින් පත්කෙරුණු මූලික තාක්ෂණික කමිටුව පසුගියදා රැස්වුණා.

කෝපා කමිටු සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙහිදී පැවසුවේ දේශීය ආදායම් වැඩිකර ගැනීමේදී ජාත්‍යන්තර මට්ටමේ දැනුම වැදගත් වන බවයි.

ඩිජිටල් හැඳුනුම්පත හදුන්වාදීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

ශ්‍රී ලංකා රේගුවට ලැබෙන ආදායමින් කොපමණ කොටසක් මාර්ගගතව ලැබෙනවා ද සාමාන්‍ය ක්‍රමයට ලැබෙනවාද යන්න පිළිබඳ වාර්තාවක් සති දෙකක් ඇතුළත කමිටුවට ලබා දීමට මෙහිදී නිර්දේශ කෙරුණා.

hasiniek
By hasiniek නොවැම්බර් 6, 2023 15:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්