fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු ඉන්දියාවට බලපා ඇති වායූ දූෂණ තත්ත්වය නිසා වෙලා තියන දේ

hasiniek
By hasiniek නොවැම්බර් 6, 2023 14:51

උතුරු ඉන්දියාවට බලපා ඇති වායූ දූෂණ තත්ත්වය නිසා වෙලා තියන දේ

උතුරු ඉන්දියාවට බලපා ඇති වායූ දූෂණ තත්ත්වයත් සමඟ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන රැසක් නැරඹීමේ අවස්ථාව සංචාරකයන්ට ගිලිහි ගොස් තිබෙනවා.

උතුරු ඉන්දියාවේ අග්‍රා හි පිහිටි සුප්‍රකට ටජ්මහල නැරඹීමට අද දිනයේ විශාල පිරිසක් පැමිණිය ද ටජ්මහල දුරසිට දර්ශනය නොවීම බොහෝ දෙනාගේ කණගාටුවට හේතුවක් වුණා.

ටජ්මහල පිහිටි ප්‍රදේශයේ වායූ තත්ත්ව දර්ශකය ගෝලීය වායූ තත්ත්ව මාර්ගෝපදේශවල නිර්දේශිත සීමාවට වඩා 6යි දශම 5ක ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

17 වන සියවසේ ඉදිකළ ටජ්මහල මීට පෙර ද 2021 වසරේ ඝන දුමාරයකින් වැසී ගියේ අහිතකර වායූ තත්ත්වය හේතුවෙන්.

අද උදෑසන 11 වන විටත් එය පැහැදිලිව දර්ශනය වී නැහැ .

hasiniek
By hasiniek නොවැම්බර් 6, 2023 14:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්