fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විමල් වීරවංශ ගේ නඩුවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතාට සිතාසි

hasiniek
By hasiniek නොවැම්බර් 6, 2023 14:16

විමල් වීරවංශ ගේ නඩුවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතාට සිතාසි

විමල් වීරවංශ ගේ නඩුවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතාට සිතාසි

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසකට එරෙහි නඩුවක සාක්ෂි දීම සදහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කෙරුණා.

2016 වසරේ එවකට ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරට සංචාරය කළ අවස්ථාවේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කර උද්ඝෝෂණය කළ බවට වීරවංශ මහතා ඇතුළු පිරිසකට චෝදනා එල්ලවී තිබෙනවා.

මෙම නඩුවට අදාළවයි රොෂාන් ඩයස් මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කෙරුණේ.

ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව කැදවූ අවස්ථාවේදීයි. නඩුව අද කැදවූ අවස්ථාවේ පොලිස් නිලධාරීන්ගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරුණා.

විමල් වීරවංශ මහතාට අමතරව ජයන්ත සමරවීර/ වීරකුමාර දිසානායක/ පියසිරි විජේනායක/ රොජර් සෙනෙවිරත්න සහ මොහොමඩ් මුසම්මිල් යන අය මෙහි විත්තිකරුවන් ලෙස නම්කර තිබෙනවා.

hasiniek
By hasiniek නොවැම්බර් 6, 2023 14:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්