fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩයනාගේ සිද්ධිය ගැන සොයාබලන කමිටුව අද යළි රැස්වෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2023 09:41

ඩයනාගේ සිද්ධිය ගැන සොයාබලන කමිටුව අද යළි රැස්වෙයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සහ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ඇති වු සිද්ධිය පිළිබඳව කරුණු සොයාබැලීමට පත් කළ කමිටුව අද (06) රැස්වීමට නියමිතව තිබෙනවා.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කළ අතර එම සිදුවීමට අදාළ පාර්ලිමේන්තුවේ CCTV දර්ශන ද අදාළ කමිටුව විසින් පසුගියදා නිරීක්ෂණය කරනු ලැබීය.

ඒ අනුව මෙම සිදුවීමට සම්බන්ධ පාර්ශව අද දිනයේ මෙම කමිටුව හමුවට කැඳවා ඇති බව වාර්තා වේ.

පසුගිය දා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සහ සමගි ජනබලවේලය පක්ෂයේ රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරුන් අතර ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන තිබු අතර ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට කමිටුවක් පත්කර තිබුණා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2023 09:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්