fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බණ්ඩි පොහොර මිල තවත් 50%කින් අඩු කිරීමට කැබිනට් පත්‍රිකාවක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2023 09:23

බණ්ඩි පොහොර මිල තවත් 50%කින් අඩු කිරීමට කැබිනට් පත්‍රිකාවක්

MOP හෙවත් බණ්ඩි පොහොර මිල තවත් සියයට 50කින් අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.

දැනට රාජ්‍ය අංශයට අයත් පොහොර සමාගම් සතුව බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 28,600ක් ඇත.

ඒ අනුව එම බණ්ඩි පොහොර පිරිවැය ගාස්තු අඩු කිරීම මගින් සියයට 50ක මිල අඩු කිරීමක් කළ හැකි බව රජයට අයත් බණ්ඩි පොහොර සමාගම්වල සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පැවසීය.

ඒ අනුව බණ්ඩි පොහොර මිල සියයට 50කින් අඩු කිරීමට අදාල කැබිනට් පත්‍රිකාව මේ වනවිට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවත්, ඊට  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ අනුමැතිය ලැබෙනු ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඊයේ (05) වලස්මුල්ල ඔමාර ගම්මානය දෙවන අදියරේ කෘෂිව්‍යවසායකත්ව ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු අරඹමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2023 09:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්