ගාසා තීරය උතුරු හා දකුණු ලෙස දෙකට බෙදා වෙන්කළ බව ඊශ්‍රායලය ප්‍රකාශ කිරීමත් සමඟ ඇමරිකාව මෙම ගැටුම සටන් විරාමයක් සඳහා තල්ලු කිරීමට සූදානම් වනවා.
කලාපයේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරය දිගටම සිදුකරගෙන යන අතරතුර ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා තුර්කියට පැමිණ තිබෙනවා.
මීට පෙර ඉරාකයේ බැග්ඩෑඩ්හිදී අදහස් දක්වමින් ඇන්ටනි බ්ලින්කන් පැවසුවේ ප්‍රාදේශීය නායකයින් ගාසා තීරයේ මානුෂීය විරාමයක් “පිළිගන්නා” බවයි.
ඊශ්‍රායලය පවසන්නේ තම ප්‍රහාරයේ යම් විරාමයකට එකඟ වීමට පෙර ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ප්‍රගතියක් අවශ්‍ය බවයි.
මේ අතර ඊශ්‍රායල හමුදාව පවසන්නේ ගාසා නගරයේ දකුණේ වෙරළ තීරයට හමුදා ළඟා වී ඇති බවයි.
ගාසා තීරය උතුර දකුණ ලෙස බෙදී වෙන්වී ඇති බවයි ඊශ්‍රායලය පවසන්නේ. ඊයේ රාත්‍රියේ ද ගාසා තීරයට ගුවන් ප්‍රහාර එල්ල වූ අතර යුද්ධය ආරම්භ වූ දා සිට ඇති වූ දරුණුතම ප්‍රහාරය එය බවයි වාර්තා වන්නේ.
ඊශ්‍රායලය ගාසා තීරයට බෝම්බ හෙලීම ආරම්භ කළේ හමාස් සංවිධානය ඊශ්‍රායලයේ 1400කට අධික පිරිසක් ඝාතනය කර තවත් 200කට අධික පිරිසක් පැහැරගෙන යාමෙන් පසුවයි.
ගාසා තීරයේ හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඔක්තෝබර් 7 වනදා සිට 9,700 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි.