fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු පාලක කමිටුවක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2023 06:48

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු පාලක කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබෙනවා.

1973 අංක 25 දරණ ක්‍රීඩා පනත යටතේ ක්‍රීඩා අමාත්‍යවරයා පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම අතුරු කමිටුව පත්කිරීම සිදුකර ඇති බවයි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

ඒ සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලන කටයුතු අත්හිටුවනු ඇති.

ඊට අදාළ ගැසට් නිවේදනය අද දිනයේ නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඉන් අනතුරුව අතුරු කමිටුව අදාළ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

හත් දෙනෙකුගෙන් සමන්විත එම කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පත්කර තිබෙනවා. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් අයි ඉමාම්,  හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රොහිණි මාරසිංහ,  හිටපු මහාධිකරණ විනිසුරු ඉරාන්ගනි පෙරේරා,  උපාලි ධර්මදාස,  නීතිඥ රකිත රාජපක්ෂ හා හිෂාම් ජමල්ඩීන් යන අය අතුරු කමිටුවට ඇතුලත් බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සදහන්.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2023 06:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්