fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෝලි සචින්ගේ වාර්තාව සම කරයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2023 18:23

කෝලි සචින්ගේ වාර්තාව සම කරයි

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවති 37 වැනි තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 326ක් ලබා ගත්තා.

ඒ අනුව දකුණු අප්‍රිකා කණ්ඩායමට ලකුණු 327ක ඉලක්කයක් හිමි වනවා.

එහිදී විරාට් කෝලි නොදැවී පන්දු 121කට මුහුණ දෙමින් ලකුණු 101ක් රැස් කළා.

කෝලි අද දනයේ වාර්තා කළ ශතකයත් සමඟ සචින් ටෙන්ඩුල්කාර් විසින් ජගත් එක්දින පිටියේ වැඩිම ශතක සංඛ්‍යාවක් රැස්කරගෙන ඇති වාර්තාව සමකිරීමට ද සමත් වුණා.

මේ අතර විරාට් කෝලිගේ 35 වන උපන් දිනය අද දිනට යෙදී තිබීම ද විශේෂත්වයක්.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2023 18:23

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්