fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බද්ද ගැන අධිකරණ නිලධාරීන් ඉල්ලු ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2023 17:40

බද්ද ගැන අධිකරණ නිලධාරීන් ඉල්ලු ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

රජය පැනවු නව බදු ප්‍රතිපත්ති අනුව සිය වැටුපෙන් බදු අඩු කිරීම වළක්වන නියෝගයක් ඉල්ලා අධිකරණ නිලධාරීන්ගේ සංගමය ඇතුලු පාර්ශව තුනක් ගොනුකළ පෙත්සම් අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.

රජය පැනවු නව බදු ප්‍රතිපත්තියට අනුව සිය වැටුපෙන් බදු අඩුකිරීම වළක්වන නියෝගයන් නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය,  මහාධිකරණ විනිසුරුවරුනගේ සංගමය හා කම්කරු අධිකරණ සභාපතිවරුන්ගේ සංගමය පෙත්සම් ගොනුකර තිබුණා.

එම පෙත්සම් බහුතර තීන්දුවකට අනුව  අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අදාළ පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කළ අතර සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කළේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න මහතායි.

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2023 17:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්