fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇලමෝදර ඇළේ මළ සිරුරක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2023 16:46

ඇලමෝදර ඇළේ මළ සිරුරක්

පහරදී ඝාතනය කර ඇති බවට සැකකළ හැකි පුද්ගල මළ සිරුරක් කළුතර ඇලමෝදර කැපූඇළේ පාවෙමින් තිබිය දී හමුවී තිබෙනවා.

මෙම සිරුරෙහි දෙපා ගැටගසා තිබු බවටයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පරගස්තොට නවෝද්‍යා මාවතේ පදිංචිව සිටි 54 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකුයි.

ඝාතනය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදා සෙබලෙකු සහ තවත් පුද්ගලයෙකු මොරොන්තුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. සැකකරුවන් මෙම ඝාතනය සිදුකිරීමෙන් පසු මොරොන්තුඩුව ප්‍රදේශයේ සැගව සිටිය දී අත්අඩංගුවට ගැනුනේ.

දෙපාර්ශවය අතර දින දෙකකට පෙර ආරවුලක් සිදුව ඇති බවත් පහරදීමක් සිදුව ඇති බවටත් පරීක්ෂණවලින් හෙළවී තිබෙනවා.

මිය ගොස් සිටි පුද්ගලයා අතුරුදන් බවට ද කළුතර උතුර පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2023 16:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්