fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව තානාපතිවරු දස දෙනෙක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2023 15:48

නව තානාපතිවරු දස දෙනෙක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙයි

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දස දෙනෙක් අද (05) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්නා.

ලැට්වියා රජරජය, පිලිපීනය, කාම්බෝජියාව, පෘතුගාලය, සුරිනාම් ජනරජය, ජිබුටි ජනරජය, ඇංගෝලා ජනරජය, පින්ලන්තය, බොලිවාරියානු වෙනිසුවේලා ජනරජය සහ නෝර්වේ ජනරජය සඳහා මෙලෙස නව තානාපතිවරු පත්ව තිබෙනවා.

අද අක්ත පත්‍ර භාරදුන් නව තානාපතිවරුන්ගේ නම් පහත පරිදි වේ.

1- ජූරිස් බොන් මහතා – තානාපති – ලැට්වියා ජනරජය

2- ලියෝ ටිටෝ අවුසන් මහතා – තානාපති – පිලිපීනය

3. කේ ක්වාංග් මහතා – තානාපති – කාම්බෝජියා රාජධානිය

4. ජොවා මැනුවෙල් මෙන්දෙස් දි අල්මේදා – තානාපති – පෘතුගාල ජනරජය

5. අරුන්කොමාර් හාඩියන් මහතා – තානාපති – සුරිනාම් ජනරජය

6. ඉස්සේ අබ්දිල්ලාහි අස්සෝවිහ් මහතා – තානාපති – ජිබුටි ජනරජය

7. ක්ලෙමෙන්ටේ පේඩ්‍රෝ කමෙන්හා මහතා – තානාපති – ඇංගෝලා ජනරජය

8. කිම්මෝ ලහ්ඩෙවිර්ටා මහතා – තානාපති – පින්ලන්ත ජනරජය

9. කපායා රොද්‍රිගුවෙස් ගොන්සාලෙස් මහත්මිය – තානාපති – බොලිවාරියානු වෙනිසුවේලා ජනරජය

10. මේ-එලින් ස්ටෙනර් මහත්මිය – තානාපති – නෝර්වේ රාජධානිය

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2023 15:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්