පලස්තීනයේ ගාසා තීරයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු අද උදෑසන කටුණායක ගුවන් තොටුපලට පැමිණියා.
ගාසා තීරයේ රැදී සිටි මෙම පිරිස රෆා පිවිසුම ඔස්සේ ඊජිප්තුව වෙත පැමිණ කයිරෝ ගුවන් තොටුපලේ සිට කටාර් රාජ්‍ය වෙත පැමිණ තිබෙනවා.
පසුව කටාර් රාජ්‍ය යේ දොහා සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයක් මගින් අද අලුයම කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ තිබෙනවා.
මෙම 11 දෙනා අතර කාන්තාවන් දෙදෙනෙකු සිට ඇති අතර ඉතිරි 9 දෙනා ළමයින් බව ගුවන්තොටුපල ආරංචිමාර්ග සදහන් කළා.