fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගංගා කිහිපයක ජල මට්ටම ඉහළට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2023 13:22

ගංගා කිහිපයක ජල මට්ටම ඉහළට

පසුගිය දින කිහිපයේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ ගංගා කිහිපයක ජල මට්ටම් ද ඉහළ යමින් පවතිනවා.

අත්තනගලු ඔය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදන ඉදිරි පැය 24 සදහා ද දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව අත්තනගලු ඔය දෙපස පදිංචිකරුවන් විමසිලිමත්වන ලෙසයි දැනුවත් කෙරෙන්නේ.

මේ අතර පවතින වර්ෂාවත් සමඟ දැදුරු ඔයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග ඉදිරියේ දී වැඩි ජල ධාරිතාවක් නිකුත් කිරීමට සිදුවනු ඇති බව දැදුරු ඔය වාරිමාර්ග ඉංජිනේරුවරුන් පවසනවා.

ඒ හේතුවෙන් ජලාශයේ පහළ අවදානම් සහිත ප්‍රදේශවල සිටින පදිංචිකරුවන් දැඩි විමසිල්ලෙන් සිටින ලෙසයි දැනුවත් කෙරෙන්නේ.

රාජාංගනය ජලාශයේ ද වාන් දොරටු 8ක් විවෘතකර තිබෙනවා.

තත්පරයකට ඝන අඩි 10,850ක් කලා ඔයට මුදාහැරෙන බවයි ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසන්නේ.

එමෙන්ම අංගමුව ජලාශයේ ද වාන් දොරටු 2ක් විවෘත කර ඇති අතර පහත් බිම්වල සිටින ජනතාව විමසිල්ලෙන් සිටින ලෙස දැනුවත් කෙරෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2023 13:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්