fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඈත දුෂ්කර ගමක පුංචි විශ්වවිද්‍යාලය “නේත්‍රා”

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2023 12:50

ඈත දුෂ්කර ගමක පුංචි විශ්වවිද්‍යාලය “නේත්‍රා”

2023 – 2024 අධ්‍යයන වර්ෂය සඳහා නේත්‍රා පාසලට නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 400 කට අසන්න පිරිසක් බඳවා ගැනීම් සිදු කෙරුණා.

ඒ සඳහා ඔවුන්ට නොමිලේ අධ්‍යාපනය හැදෑරීම සඳහා පූර්ණ ශිෂ්‍යත්වයක් ද පිරිනමනු ලැබුවා.

නේත්‍රා පාසලේ විධායක අධ්‍යක්ෂක ධූරය දරමින් ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ රුහුණු විශ්ව විද්‍යාලයේ ගණිතය පිළිබඳ මහාචාර්ය ජයන්ත පස්දුන් කෝරලේගේ මහතායි.

පසුගිය අධ්‍යයන වාරයෙහි අධ්‍යාපනය ලබා අවසන් විභාගය සමත් පිරිස සඳහා සහතික පත් ප්‍රදානයත් සිදු වුණා.

මෙහි කළමණාකරන අධ්‍යක්ෂකවරයා ලෙස රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජිනසේන හේවගේ මහතාත් අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකාවක් ලෙස මහාචාර්ය ධර්මා රාජපක්ෂ මහත්මියත් කටයුතු කරනු ලබයි.

ඊයේ පැවති නේත්‍රා මහෝත්සවය , නේත්‍රා පාසලේ ප්‍රධාන අනුශාසක අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික ඌව බින්තැන්න දෙපළාතේ ප්‍රධාන සංඝනායක ගිරාදුරුකෝට්ටේ ශ්‍රී ධර්මෝදය පිරිවෙනෙහි පරිවේණාධිපති රාජකීය පණ්ඩිත ගරුතර නාපටවෙල ශ්‍රී ධම්මානන්ද නාහිමිගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

මෙම මොහොතට ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති ඌව පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති මහාචාර්ය රුවන් රණසිංහ මහතාත්, එම විශ්වවිද්‍යාලයේම මහාචාර්ය චතුරංග සේනාරත්න මහතාත්, ජේෂ්ඨ කථිකාචාර්යවරුන් වන නුවන් ලියනගේ , ඉන්දික තෙන්නකෝන්, ජගත් කුලතිලක යන මහත්වරුන් ද සහභාගි වු අතර ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ද සහභාගි විය.

ප්‍රවීණ කලාකරු රොඩ්නි වර්ණකුල මහතා ද ඇතුළු ආරාධිතයන් විශාල සංඛ්‍යාවක සහභාගීත්වයෙන් අභිමානවත් අයුරින් නේත්‍රා මහෝත්සවය පැවැත්විණි.

මෙම පාසල සුවිශේෂ පාසලකි.

ඒ මන්ද යත් ඈත දුෂ්කර ගමක රටේ උගත් බුද්ධිමත් මහාචාර්යවරුන් ගණනාවකින් සැදුන් ලත් පුංචි විශ්වවිද්‍යාලයක් බඳු නේත්‍රා පාසලට ඔවුන් ඇතුළු සියලුම ආචාර්ය මණ්ඩලය තම වටිනා දැනුම කාලය නොමිලේම පරිත්‍යාග කරයි.

පාසල සඳහා ඉඩම පරිත්‍යාග කළේ කේ.එච්.එම්. සෝමාවතී ආදරණීය මාතාව වන අතර පාසලේ ප්‍රධාන මූල්‍ය දායකත්වය ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වැටුප් අරමුදලින් සැපයීම ද මෙම පාසල සුවිශේෂී වීමට ප්‍රධාන හේතු අතර වනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2023 12:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්