දිස්ත්‍රික්ක අටකට නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.
ඒ අනුව බදුල්ල , හම්බන්තොට , කළුතර ,මහනුවර, කෑගල්ල , මාතලේ, මාතර හා රත්නපුර යන දිස්ත්‍රික් සදහායි මෙලෙස අනතුරු ඇගවීම් නිකුත් කර ඇත්තේ.
මහනුවර මහියංගනය මාර්ගයේ තෙල්දෙණිය සියඹලාගස්තැන්න ප්‍රදේශයේ වෙළදසැලක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එහි සිටි කාන්තාවක ජීවිතක්ෂයට පත්වුණා.
පස් කන්ද කඩාවැටෙන අවස්ථාවේ නිවසේ සිටි සියලු දෙනාම පිටතට පැමිණි අතර මෙම කාන්තාව යළි නිවස තුළට ගොස් තිබෙනවා.
එම අවස්ථාවේ ඇය මතට පස් කන්ද කඩා වැටී ඇති බවයි වාර්තා වුණේ.
අනතුරෙන් මියගියේ වයස අවුරුදු 36ක් වන දෙදරු මවක්.
වැලිමඩ අලකොලගාල 78වන කිලෝමීටර් කණුව ආසන්නයේ නායයාමක් සක්‍රීයවීමත් සමඟ දැඩි අවදානමක් මතුව තිබෙනවා.
ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් 25ක් පමණ ඉහළින් නායයාමක් මේ වනවිට සිදුව ඇති අතර මාර්ගය ද නායයාමේ අවදානමක් පවතින බවටයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
ඉහළ ප්‍ර දේශවල පවතින අධික වර්ෂාවත් සමග මාර්ගය හරහා ජලය ගලා යාමෙන් සිල්මියාපුර ගම්මානය ද අවදානමකට ලක්ව තිබෙනවා.
ඌවපරණගම ගලහගම ප්‍රදේශයේ නායයාමක් හේතුවෙන් නිවාස 6කට හානි සිදුව තිබෙනවා.
රේන්දපොල බෝඹුරඇල්ල මාර්ගයේ ස්ථාන කීපයකම පස් කදු කඩාවැටීම හේතුවෙන් රථවාහන ධාවනයට බාධා එල්ලවී තිබෙනවා.
හාලිඇල කන්දෙගෙදර ප්‍රධාන මාර්ගයේ කීරියගොල්ල ප්‍රදේශයේ මාර්ගය ආසන්නයේ තිබූ විශාල මාර ගසක් කඩා වැටීමෙන් රථවාහන ධාවනයට බාධා එල්ලවුණා.
මෙම ගස කඩා වැටීමේ අවදානමක් පවතින බවට මීට පෙර බලධාරීන් දැනුවත් කළ ද ඔවුන් ක්‍රියාත්මක නොවූ බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/d_LfzrPKVxM”]