fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලබන වසර වන විට විදුහල්පති පුරප්පාඩු සියල්ල සම්පූර්ණ කරනවා

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2023 11:26

ලබන වසර වන විට විදුහල්පති පුරප්පාඩු සියල්ල සම්පූර්ණ කරනවා

ලබන වසර වන විට විදුහල්පති පුරප්පාඩු සියල්ල සම්පූර්ණ කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

විදුහල්පතිවරුන් සඳහා නව තාක්ෂණය මෙන්ම අභියෝගයන්ට මුහුණ දිය හැකි පුහුණු සැසිවාර සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියට නව විදුහල්පතිවරුන් 4672 දෙදෙනෙකු බදවා ගැනීම සනිටුහන් කරමින් කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ පැවති උත්සවයේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මේ වන විට අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 808ක් පවතින බවත් ඒවා කඩිනමින් සම්පුර්ණ කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2023 11:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්