ඊශ්‍රායලයේ සාත්තු සේවයට ගොස් මිය ගිය යටවර බණ්ඩාරට වන්දි දෙන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශය සූදානම් වෙයි
Related Articles
ඊශ්‍රායලයේ දී මියගිය යටවර බණ්ඩාර මහතාට ලැබිය යුතු සියලුම වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.
එමෙන්ම ඔහුගේ දේහය මෙරටට ගෙන්වා ගැනීමට කඩිනමින් කටයුතු කරන බවයි ද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා පැවසුවේ.
ඊශ්‍රායලයේ සාත්තු සේවකයෙකු ලෙස සේවය කරමින් සිටි සුජිත් බණ්ඩාර යටවර අතුරුදන් වූ බව වාර්තා වූයේ පසුගිය ඔක්තෝබර් 07 වැනිදා එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසුවයි.
ඔහු හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටිය හැකි බව ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය පසුගිය 31 වැනිදා දැනුම් දී ය.
නමුත්, සුජිත් බණ්ඩාර යටවර මියගොස් ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර තහවුරු කළා.
ඒ ඔහුගේ දරුවන්ගේ DNA සාම්පල ඔස්සේ යි.
වෙන්නප්පුව – කොලින්ජාඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ යටවර මහතා, මිය යන විට 48 වැනි වියෙහි පසු වුණා.
2018 වසරේ දී සාත්තු සේවකයෙකු ලෙස ඊශ්‍රායලයේ සේවයට ගොස් තිබූ ඔහු වයස අවුරුදු 8ක පුතෙකුගේ සහ වයස අවුරුදු 13ක දියණියකගේ පියෙක් වේ.