fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මොරටුව සරසවියේ අපේ සිසුන්ගේ දෑතින් නිමවූ රොබෝ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2023 05:46

මොරටුව සරසවියේ අපේ සිසුන්ගේ දෑතින් නිමවූ රොබෝ

අතේ ඇගිලි සහ මැණික්කටුව ආශ්‍රිත ව්‍යායාම  සිදු කිරීමට සහාය වන රොබෝ මූලාකෘතියක් මොරටුව සරසවියේ අවසන් වසර සිසුන් පිරිසක් විසින් නිර්මාණය කර තිබෙනවා.

මොරටුව විශ්විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ, යාන්තික ඉන්ජිනේරු දෙපාර්තමේන්තුවේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙකු වන  කුලුණු වීරසූරි, උදීෂ කුමසාරු සහ වර්ණිත නිපුන් යන සිසුන් තිදෙනා විසිනුයි මෙය නිර්මාණය කර තිබෙන්නේ.

යාන්තික ඉන්ජිනේරු දෙපාර්තමේන්තුවේ  මහාචාර්‍ය රුවන් ගෝපුර මහතාගේ මග පෙන්වීම යටතේ ඉන්ජිනේරු පුබුදු රණවීර හා ඉන්ජිනේරු මනුර ද සිල්වා යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම රොබෝ යන්ත්‍රය නිර්මාණය වුණා.

‘වර්තමානය වනවිට ශීඝ්‍ර යෙන් පැතිර යන කාපල් ටනල් සින්ඩ්‍රෝම් නැමැති මැණික් කටුව ආශ්‍රිතව ඇතිවන ස්නායු රෝගී තත්ත්වය හේතුවෙන් විශාල රෝගීන් පිරිසක් පීඩා විදිනවා.

කාපල් ටනල් සින්ඩ්‍රෝම් රෝගී තත්ත්වයෙන් පෙළෙන රෝගීන් 10 ත් 15 ත් අතර සංඛ්‍යාවක් එක් දිනකදී ජාතික රෝහලේදී පමණක් හඳුනාගන්නා බව අපට දැනගන්න ලැබුණා.

සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ පවතින සීමිත සම්පත් ප්‍රමාණය සහ භෞත චිකිත්සකවරුන්ගේ හිගය හේතුවෙන් මෙවැනි රෝගීන්ට අවශ්‍ය පුනරුත්ථාපන ප්‍රතිකාර නිසි පරිදි ලබාදීම ගැටලුවක් වී තිබෙනවා.

මෙවැනි රොබෝවන් මගින් රෝගීන්ට අවශ්‍ය ව්‍යායාම ඉතා පහසුවෙන් කර ගත හැකි වෙනවා.

මෙම රොබෝවා මගින් මැණික් කටුව නැමීම, ඉහළට එසවීම, ඇඟිලිවලට ව්‍යායාම සිදුකිරීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක්  සිදු කළ හැකියි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2023 05:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්