රත්තරන් සමඟ 5 දෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2023 05:37

රත්තරන් සමඟ 5 දෙනෙක් අත්අඩංගුවට

මුහුදු මාර්ගයෙන් මෙරටින් රැගෙන යාමට උත්සාහ රත්තරන් කිලෝ 2 යි ග්‍රෑම්150 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් පස් දෙනෙක්, ඩිංගි යාත්‍රාවක්, ත්‍රීරෝද රථයක් සහ යතුරු පැතියක් මන්නාරම, ඔළුතුඩුවායි ඉදිරි මුහුදු තීරයේ භාරයට ගෙන තිබෙනවා.

උතුරුමැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මන්නාරම, ඔළුතුඩුවායි ඉදිරි මුහුදු තීරයේදී කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කර එම ඩිංගි යාත්‍රාව තුල සූක්‍ෂම ලෙස සඟවා නීති විරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ රත්තරන් තොගය, සැකකරුවන් පස්දෙනා සහ වාහන භාරයට ගත් බව  නාවික හමුදාව ප්‍රකාශ කළා.

ඔළුතුඩුවායි වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි වැඩිදුරටත් කළ පරීක්ෂාවේ දී, මෙම ජාවාරම සඳහා යොදා ගත් බවට සැකකෙරෙන ත්‍රීරෝද රථය සහ යතුරුපැදිය භාරයට ගත් බවත් එම සැකකරුවන් වයස අවුරුදු 28 ත් 56 ත් අතර වයසේ පසුවන වංකාලේ සහ මන්නාරම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවත් සඳහන්.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2023 05:37