නේපාලයේ භූමිකම්පාවෙන් දිවිගලවාගත් අය සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.
නේපාල භූකම්පනයෙන් මේ වන විට සිදුව ඇති මරණ සංඛ්‍යාව 137ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ගලවා ගැනීමේ සේවකයින් අද උදෑසන සිට කඩා වැටුණු නිවාසවල සුන්බුන් ඉවත් කිරීමට පියවර ගත්තා. ඒ සුන්බුන් වලට සිරවී සිටින පිරිස් බේරා ගැනීම සදහායි. වසර 8කට පසු නේපාලයේ ඇති වු දරුණුතම භූකම්පනය මෙයයි.
මෙය ඇති වීමත් සමඟ නවදිල්ලිය දක්වා ගොඩනැගිලි සෙලවීමට ලක්ව තිබෙනවා. මෙම භූකම්පනය නේපාලයේ ජාර්කෝට් ප්‍රදේශයේ ඊයේ රාත්‍රී 11.47ට පමණ සිදුව තිබෙනවා.
රිච්ටර් පරිමාණ ඒකක 6යි දශම 4ක් ලෙස නේපාල ජාතික භූකම්පන මධ්‍යස්ථානය සටහන් කළ භූමිකම්පාවේ ප්‍රබලත්වය ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ දත්තවලට අනුව රිච්ටර් පරිමාණ ඒකක 5යි දශම 6ක් ලෙස සටහන්ව තිබෙනවා.