2023 වසරේ මේ වනවිට ඩෙංගු රෝගීන් 69,000ක් පමණ වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.
ඊයේ දිනය වනවිට වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 39ක් බවයි වාර්තා වන්නේ.
වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජුනි මාසයේදීයි.
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 4010ක් වනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් ප්‍රදේශ 36ක් ඩෙංගු අවදානම් කලාප ලෙස ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.