ඉන්දියාවේ නව දිල්ලිය නැවතත් ලෝකයේ වඩාත්ම දූෂිතම නගරය ලෙස වාර්තා අතරට එක්ව තිබෙනවා.
ඉන්දියාවේ අගනුවරවන නවදිල්ලිය ඊයේ විෂ මීදුම් තට්ටවකින් වැසී තිබුණා.
මේ හේතුවෙන් සමහර පාසල් වසා තැබීමට නියෝග කර තිබුණා.
Swiss group IQAir විසින් සම්පාදනය කරන ලද වඩාත් දූෂිතම නගර ලැයිස්තුවේ නවදිල්ලිය නැවතත් පළමු ස්ථානයට පත්ව තිබෙනවා.
නව දිල්ලියේ විෂ වායු මට්ටම 640ට ද පාකිස්ථානයේ ලාහෝර් 335ට ද පත්වී තිබෙනවා.
නවදිල්ලියේ මිලියන 20 ක පදිංචිකරුවන්ගෙන් බොහෝ දෙනෙකුට ඇස්වල කැසීම් සහ උගුරේ කැසීම් වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා.