මධ්‍යම පාකිස්තානයේ හමුදා කඳවුරකට ප්‍රහාරයක්
Related Articles
මධ්‍යම පාකිස්තානයේ හමුදා කඳවුරකට සටන්කාමීන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
අද උදෑසන මධ්‍යම පාකිස්තානයේ මියන්වාලි ප්‍රදේශයේ ගුවන් හමුදා කඳවුරකට සටන්කාමීන් 6 දෙනෙකු පැමිණ ප්‍රහාර එල්ල කර ගුවන් යානා 3කට හානි කළ බව එරට හමුදාව පවසනවා.
සටන්කාමීන් තිදෙනෙකු කඳවුරට පැමිණීමට පෙර මරා දමා ඇති අතර අනෙක් තිදෙනා කොටුකර ඇති බව පාකිස්තාන හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.
ප්‍රහාරයෙන් මේ වන විට ගුවන් යානා 3කට සහ ඉන්ධන ටැංකියකට හානිසිදු වී තිබෙනවා.
ඉස්ලාමිය සටන්කාමී කණ්ඩායමක් වන තෙහ්රික් ඊ ජිහාඩ් පාකිස්තාන් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබෙනවා.