ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට මේ වන විට විරෝධතාවක් පැවැත්වෙනවා.
නොසිතු ලෙස ක්‍රිකට් පරාජයන් අත්වීම හා පරිපාලන දුර්වලතා හේතුවෙනුයි මෙම විරෝධතා පැවැත්වෙන්නේ.
ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් වහා ඉල්ලා අස්විය යුතු බව විරෝධතාකරුවන් ප්‍රකාශ කරනවා.
මේ හේතුවෙන් ක්‍රිකට් ආයතනය අවට විශේෂ ආරක්ෂාවක් සලසා තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන මොහාන් ද සිල්වා මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.
ඊට අදාළ ලිපිය ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/DzCfwAV37RQ”]